VirtualBox VM එකකට Xubuntu 16.04 Install කිරීම

Xubuntu කියන්නේ Ubuntu මත පාදක වුනු Linux distro එකක්. Ubuntu වල Unity Desktop environment එක වෙනුවට Xubuntu වල තියෙන්නෙ Xfce Desktop Environment එක. ඒ නිසා මේකෙ පොඩි සරල බවක් තියෙනවා සාමාන්‍ය Ubuntu වලට වඩා. ඒ වගෙම Windows එක්ක Xubuntu Virtual Machine එකක් විදිහට පාවිච්චි කරනවා නම් 1GB RAM එකක වුනත් හොඳට වැඩ කරනවා (සාමාන්‍යයෙන් Windows වලදි Ubuntu, Fedora වගේ OS එකක් slow නොවී run කරන්න නම් 1GB ට වඩා වැඩි RAM එකක් ඕනේ).

මේ post එකෙන් මම කතාකරන්නේ VirtualBox වලට Xubuntu install කරන හැටි ගැනයි. අපිට මේ වැඩේට VirtualBox program එක ඕනේ වෙනවා. කලින් Install කරලා නැත්නම් මෙතැනින් ඕගොල්ලො දැනට පාවිච්චි කරන OS එකට අදාල setup එක download කරගන්න. Windows පාවිච්චි කරනවා නම් download කරගත්තු setup එක කෙලින්ම සාමාන්‍ය setup එකක් විදිහට install කරගන්න පුළුවන්. Ubuntu (debian-based), Fedora (rpm-based) වගේ OS එකක් පාවිච්චි කරන අයට package-manager එක හරහාම virtual box install කරගන්න හැටි download page එකේ තියෙනවා. මම මේ tute එක ලියන්නෙ Xubuntu පාවිච්චි කරලා, ඒ වුනත් Windows වලටත් මේකෙ තියෙන දෙවල් අදාළයි.

Virtual box install කරගත්තට පස්සෙ අපිට xubuntu iso එක ඕනෙ වෙනවා. මෙතැනින් ඒක download කරගන්න පුලුවන්. අලුත්ම xubuntu release එක වෙන්නෙ 16.10 (Yakkety Yak) කියන එක. හැබැයි මම install කරන්නෙ 16.04 (Xenial Xerus) කියන (LTS release එක. මේ දෙකේ කියන්න තරම් වෙනසක් නෑ). 32bit version එක ගන්නවා නම් හොඳයි මොකද අපි VM එකට දෙන්නෙ 1GB වගේ RAM එකක් නිසා. ISO එකත් download කරගත්තට පස්සේ දැන් අපි ගාව මෙන්න මේ දෙවල් තියෙන්න ඕනෙ

  1. Oracle Virtual Box
  2. Xubuntu 32bit ISO image එක (16.10 හෝ 16.04)
  3. Hard disk එකෙන් 8GB විතර ඉඩක් ( NOTE[1] බලන්න )
  4. 4GB RAM එකක්. ( NOTE[2] බලන්න )

NOTE[1] : මේ 8GB space එක කියන්නේ අපි හදන VM එකේ hard disk එකේ size එක. Virtual Box එකෙන් VM එකේ Hard disk එකට වෙනම file එකක් හදනවා. ඒ නිසා ඒ file එක හදන්න ඕනෙ කරන space එක අපි hard disk එකෙන් වෙන් කරලා තියන්න ඕනෙ. ඒ වගෙම තමයි මේ 8GB space එක එකපාර අරගන්නෙත් නෑ. අපි VM එක හදපු ගමන්ම බැලුවොත් මේකෙ size එක 4GB-6GB වගේ ප්‍රමාණයක් වෙන්නේ. VM එකේ hard disk එක පිරෙන්න පිරෙන්න මේකෙ size එක අපි නියම කරපු ප්‍රමාණය වෙනකම් (8GB) size එක වැඩිවෙනවා. මේ නිසා hard disk එකේ මේ ඉඩ ප්‍රමාණය කලින්ම වෙන් කරලා තියෙන එක හොඳයි.

NOTE[2] : අපි VM එකේ RAM එක 1GB කියලා දුන්නොත්  VM එක start වෙද්දිම මේ 1GB space එක අපේ RAM එකෙන් ගන්නවා. ඒ නිසා VM එක start වෙද්දි දැනට install කරලා තියෙන OS එකට (අපි කියන්නේ host os එක කියලා) ඔනේ කරන RAM එක ඉතිරි වෙන විදිහට VM එකේ RAM එක තීරණය කරන්න ඕනේ. සරලව කිව්වොත් දැනට අපිට තියෙන්නේ 2GB RAM එකක් නම්, ඒ වගෙම දැනට install කරලා තියෙන OS එක (host) 1.5GB වගේ RAM එකක් ගන්නවා නම් අපිට ඉතිරි වෙන්නෙ 512MB. මෙන්න මේ ප්‍රමාණය තමයි අපිට VM එකට (guest OS එකට) දෙන්න වෙන්නෙ. එහෙමනම් අපිට xubuntu VM එකක් හදන්න අමාරුයි. මේ ගැන ප්‍රශ්න තියෙනවා නම්  VM එකක් හදන්න කලින් අහන්න.

මේ දෙවල් තියෙනවා නම් අපිට දැන් VM එක හදන වැඩේ පටන් ගන්න පුලුවන්. ඒ පියවර එකින් එක මෙහෙමයි. මුලින්ම VirtualBox open කරගන්න.

පියවර 1 : අලුත් VM එකක් හදන්න New click කරන්න.

[Image: yGof22M.png]

පියවර 2 : VM එකක් හදද්දි මුලින්ම කරන්න ඕනේ, VM එකට නමක් දීලා ඒකෙ වර්ගය තෝරන එක. VM එකේ නමට තමන් කැමති නමක් දෙන්න පුලුවන්. Type එකට දෙන්න ඕනේ Linux කියලා. ඒ වගේම Version එකට දෙන්න ඕනේ Ubuntu (32-bit) කියලා. හැබැයි මම වගේ 64-bit ISO එකක් download කළා නම් Ubuntu (64-bit) කියල දෙන්න ඕනෙ.

[Image: 4rbIqqC.png]

පියවර 3 : ඊලඟට කරන්න තියෙන්නේ VM එකේ RAM එක හදන එක. Xubuntu වලට 512MB RAM එකක වුනත් වැඩ කරන්න පුළුවන්. ඒත්, 1GB වත් RAM එකක් තිබුනොත් හොඳයි. ඒ නිසා මම මෙතැනදි 1GB (1024MB) RAM එකක් දෙනවා.

[Image: x5icYe2.png]

පියවර 4 : ඊලඟට තියෙන්නේ VM එකේ Hard disk එක හදන වැඩේ. මෙතැනදි අපිට ඕනෙ නම් කලින් හදපු Hard disk file එකක් වුනත් දෙන්න පුලුවන්. ඒත් එහෙම එකක් දැනට නැති නිසා මම අලුත් Hard disk file එකක් හදනවා. ඒකට Create a virtual hard disk now කියන option එක select කරලා Create button එක click කරන්න.

[Image: BgvC7hl.png]

පියවර 4.1: Hard disk එකක් හදද්දි මුලින්ම කරන්න තියෙන්නෙ Hard disk එකේ වර්ගය තෝරන එක. මෙතැනදි අපිට VDI, VHD, VMDK කියලා වර්ග 3ක් තියෙනවා. මේ අතරින් VirtualBox එක්ක වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ  VDI කියන වර්ගය. ඒ නිසා අපි VDI (VirtualBox Disk Image) කියන option එක select කරලා ඊලඟ කොටසට යමු.

[Image: 7CZJGR2.png]

පියවර 4.2: ඊලඟට තියෙන්නෙ වැදගත් කාරණාවක්. මෙතැනදි අපි තෝරන්න ඕනෙ මේ හදන hard disk එක අපේ ඇත්ත HardDisk එකේ තියෙන්න ඕනෙ ක්‍රමය. Hard disk එක හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා.

  1. Dynamically allocated – මේ ක්‍රමේට Hard disk එකක් හැදුවොත් ඒක අපේ ඇත්ත Hard disk එකෙන් ඉඩ ගන්නෙ අපි මේ hard disk එක පුරවන තරමට. මේ ක්‍රමෙට හදන එක ඉක්මන් ඒ වගේම අපේ ඇත්ත Hard disk එකේ ඉඩත් ඉතිරි වෙනවා.
  2. Fixed size – මේ ක්‍රමෙදි අපි නියම කරන Hard disk එකේ ප්‍රමාණෙට disk file එකක් එකපාරම හදනවා. මේ ක්‍රමෙට හදනවා නම් Hard Disk එක හැදෙන්න වෙලාගත වෙනවා.

සාමාන්‍යයෙන් Dynamically allocated ක්‍රමය තමයි හොඳ ක්‍රමය කියලා කියන්න පුළුවන්. මොකද අපි පාවිච්චි කරන තරමට Hard disk එක පිරෙන නිසා. ඒ නිසා මම Dynamically allocated කියන ක්‍රමය තෝරනවා.

[Image: 2zgezv2.png]

පියවර 4.3: ඊලඟට තියෙන්නේ Hard disk file එකට නමක් දෙන එකයි ඒකෙ size එක නියම කරන්නයි. තමන්ට කැමති නමක් Hard disk file එකේ නම විදිහට දෙන්න පුළුවන්, කොහොමවුනත් අඩු තරමේ 8GB වත් ඉඩක් hard එකට දෙන්න මතක තියාගන්න. නමයි size එකයි දුන්නට පස්සේ Create button එක click කරලා Hard disk file එක හදාගන්න.

[Image: gf51cXg.png]

පියවර 5 : Hard disk file එක හදලා ඉවර වෙනවත් එක්කම අපේ VM එකත් හැදිලා ඉවරයි. දැන් තියෙන්නේ මේකට xubuntu install කරන්නයි. දැන් තමයි අපිට .iso image එක ඕනෙ වෙන්නෙ. VM එක හැදිලා ඉවර වුනාට පස්සෙ මෙන්න මේ විදිහෙ විස්තර ලැයිස්තුවක් වගේ දෙයක් VirtualBox එකෙ දකින්න පුළුවන් වෙයි.

[Image: aq9vUSm.png]

දැන් අපි download කරගත්තු iso image එක මේ VM එකට connect කරගන්න ඕනෙ. ඒක හරියට අපේ computer එකේ DVD Drive එකට DVD එකක් දානවා වගේ. මේකට (ඔය උඩ පින්තූරෙ තියෙනවා වගෙ) Stroage section එකේ IDE Secondary Master: කියන තැන [Optical Drive] Empty කියන එක උඩ click කරලා Choose disk image… හරහා අපි download කරපු .iso එක තෝරලා දෙන්න ඕනෙ. ඒක හරියට තෝරලා දුන්නට පස්සෙ එතැන මේ විදිහට දැක්වෙයි.

[Image: MDb1zz3.png]

පියවර 6 : දැන් අපි VM එක on කලොත් මේ iso file එක Boot disk එකක් විදිහට සලකලා ඒකෙන් තමයි VM එක boot වෙන්නෙ. දැන් VM එක on කරන්න VirtualBox window එකේ තියෙන කොල පාට ලොකු ඊතලය (Start) click කරන්න. දැන් VM එක boot වෙන්න පටන් ගන්නවා.

පියවර 7 : ඔක්කොම හරියට වුණා නම් ටික වෙලාවකින් මෙන්න මේ විදිහට xubuntu setup එක දකින්න පුළුවන් වෙයි.

[Image: KYMfxAh.png]

 

මෙතැනදි Install Xubuntu click කරලා Xubuntu install  කරන්න පටන් ගන්න ඕනේ.

පියවර 8 : ඊලඟ කොටසෙදි, Install වෙන ගමන්ම Updates එහෙම install කරන්න ඕනෙ නම් Download updates while installing xubuntu කියන option එක select කරන්න. ඒ වගෙම MP3 Plugins, Flash වගේ දේවල් install  කරන්න ඕනෙ නම් Install third-party software graphics and Wi-Fi hardware, Flash, MP3 and other media කියන option එක select කරලා තියන්න. මේ options වලට Internet connection එකක් ඕනේ කරනවා.

[Image: GvWVNzp.png]

පියවර 9 : ඊලඟට තියෙන්නේ Hard disk එකේ partitions හදන වැඩේ. අපි වෙනමම Virtual Hard Disk එකක් මේ වැඩේට පාවිච්චි කරන නිසා Erase disk and install Xubuntu option එක select කරලා Install Now button එක click කරන්න.
එහෙම නැත්නම් Something else select කරලා Continue button එක click කරලා තමන්ට කැමති විදිහට partitions හදන්න පුළුවන්. මෙතැනදි තනිකරම පාවිච්චි වෙන්නේ අපි VM එකට හදපු hard disk එක නිසා අපේ ඇත්ත Hard  එකෙ data ගැන බයවෙන්න දෙයක් නෑ.

[Image: d1mrX6B.png]

Install Now button එක click කලාට පස්සේ xubuntu setup එකෙන්ම ඒකට ගැලපෙන partition table එකක් හදලා ඒක පිලිගන්නවද කියල අපෙන් අහනවා. ඒකට කැමතිනම් Continue button එක click කරන්න. නැත්නම් Go back click කරලා තමන්ට කැමති partition table එක හදන්න පුළුවන්.

පියවර 10: ඊට පස්සේ අපෙන් අහන්නේ අපේ Time zone එක, ඒක හුඟක් වෙලාවට ‘කොළඹ’ විදිහටම තියෙනවා, වෙනත් එකක් නම් තියෙන Map එකෙන් අපේ time zone එක තෝරලා, Continue කරන්න.

[Image: 2ZaRhHm.png]

පියවර 11: ඊලඟට තියෙන්නේ අපේ keyboard layout එක තෝරන්න. මෙතැන default විදිහට එන්නේ සිංහල layout එක, ඒත් මට හුරු English US layout එක නිසා මම ඒක තෝරනවා.

[Image: mKRUdsI.png]

පියවර 12: ඊලඟ පියවරේදි කරන්න තියෙන්නෙ අපිට user account එකක් හදන එක. ඒකට අහල තියෙන දෙවල් වලට තමන්ගෙ කැමැත්ත අනුව උත්තර දෙන්න.

[Image: V8Xk5Rz.png]

පියවර 13: දැන් VM එකට Xubuntu install වෙන්න පටන් ගන්නවා. [ Internet connect කරලා තියෙනවා නම් මේ පියවරේදි පොඩි පොඩි updates ටිකක් download වෙනවා. ]

[Image: LPgeXPg.png]

Install  වෙලා ඉවර වුනාට පස්සෙ Restart කරන්න.

[Image: nMOj4XQ.png]

පියවර 14: Restart වුණාට පස්සෙ Xubuntu පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ VM එක සාමාන්‍ය Xubuntu install කරපු PC එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්.

මේ විදිහට VM එකක linux OS එකක් පාවිච්චි කරන එක Linux  වලට අලුත් කෙනෙක්ට ගොඩක් ගැලපෙනවා. මොකද මේ ක්‍රමේදි drivers ප්‍රශ්න වගෙ නිතර වධ දෙන ප්‍රශ්න හෙමිහිට විසඳගන්න පුළුවන්. ඒ වගේම VM එක අතුලෙ වැරද්දක් වුනත් ඒක අපේ PC එකට බලපාන්නේ නැතිනිසා සැහැල්ලුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේ ක්‍රමේ දැනෙන අවාසියකට තියෙන්නේ ටිකක් slow වෙන එක තමයි.


Links
[1] VirtualBox 5.10 Download : https://www.virtualbox.org/wiki/Downloads
[2] Xubuntu 16.10/16.04 (i386 | amd64) : http://xubuntu.org/getxubuntu/

Leave a comment