xubuntu වල සිංහල අකුරු ලිවීම

Xubuntu වල සිංහල අකුරු type කරන්නේ කොහොමද කියන ප්‍රශ්නෙ මටත් තිබුනා. ඒත් මේ මාතෘකාව ගැන internet එකේ ගොඩක් ලිපි තිබුණට Xubuntu වලට විශේෂයෙන් ලියපු ලිපියක් මට හම්බුවුණෙ නෑ. ඒ වගෙම මම කියවපු ලිපි වලින් මට සම්පූර්ණ උත්තරයක් හොයාගන්න බැරි වුණා. කොහොමවුණත් ඒ ලිපි දෙක තුනක් එකතු කරලා මට උත්තරයක් හොයාගන්න පුළුවන් වුණා (ඒ ලිපි post එකේ අන්තිමට ඇති). මෙන්න මෙහෙමයි මම xubuntu වල සිංහල typing හදාගත්තෙ.

මුලින්ම අපි ibus කියන software (input method) එක install කරගන්න ඕනෙ. ibus කියන්නේ  “Input Method Framework” එකක්, ඒ කියන්නේ keyboard එකෙන් ගන්න input හසුරුවන ක්‍රමයක්. Xubuntu වල default තියෙන්නෙ XIM කියන input method එක. ඒත් ඒකට සිංහල අකුරු හසුරවන්න බෑ. ඒ නිසා තමයි අපිට ibus ඕනෙ වෙන්නෙ. ibus එකත් එක්කම xubuntu (ubuntu) වලට අදාල සිංහල language pack එකත් install  කරගන්න.  ඒක සමහර විට ඕනෙ නොවෙන්න පුළුවන් ඒත් 27.9kB වගේ පොඩි package එකක් නිසා පාඩුවක් වෙන එකක් නෑ. ibus එකයි language-pack එකයි දෙකම එක පාර install කරන්න මේ command එකෙන් පුළුවන්. (මේ commands වල $ ලකුණ type කරන්න ඕනෙ නෑ)

$ sudo apt install ibus-m17n language-pack-si-base

මෙතැන ibus-m17n කියන්නේ සිංහල, හින්දි වගේ භාෂා එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ibus package එක.

ඊලඟට අපි සිංහල input method එකක් තෝරන්න ඕනෙ. ibus එක්ක පාවිච්චි කරන්න පුළුවන් input methods කිහිපයක්ම තියෙනවා. මුලින්ම මේ command එකෙන් ibus setup එක open කරගන්න (open වුණාට පස්සෙ terminal එක close කරන්න එපා),

$ ibus-setup

ibus setup (iBus Preferences) එකේ General tab එක යටතෙ තියෙන  Next input method: කියන තැන තියෙන්නේ English සහ සිංහල typing අතර මාරු වෙන්න තියෙන keyboard shortcut එක. default shortcut key එක වෙන්නෙ [Win] + [Space]; (Super key = Windows key). ඒත් ඕනෙ නම් තමන්ට කැමති එකක් දෙන්නත් පුළුවන්.

thmbszt
දකුනු පැත්තෙ තියෙන … button එකෙන් තමන්ට කැමති shortcut key එකක් දෙන්න පුළුවන්.

ඊලඟට Input method කියන tab එකෙන් අපිට අවශ්‍ය input method එක එකතු කරගන්න පුළුවන්.

v1vf0rn

මේ tab එකේදි දකුනු පැත්තෙ තියෙන Add button එක click කරලා ලැබෙන list එකෙන් Sinhala; Sinhalese කියන item එක තෝරලා එතැනින් අපිට අවශ්‍ය input method එක තෝරන්න පුළුවන්.

මම තෝරන්නේ singlish(m17n) කියන IM එක. ඒක google input tools වලට සමාන නිසා පාවිච්චි කරන්න ලේසියි.

හරි දැන් අපේ වැඩේ හුඟක් දුරට ඉවරයි. ඊලඟට තියෙන්නේ xubuntu වල default input method එක XIM වලින් ibus වලට මාරු කරන එක. මේකට Xubuntu Settings වල Langauge support open කරගන්න.

m1yi5wq
MouseButton¹ -> Settings -> Language support හරහා මේක අරගන්න පුළුවන්.

මෙතැන Keyboard input method system: ඉස්සරහ තියෙන list එකෙන් IBus කියන item එක තෝරලා අපිට xubuntu වල පාවිච්චි වෙන default input method system එක වෙනස් කරන්න පුළුවන්. මේක වෙනස් කරන්නෙ නැතුව අපිට සිංහල type කරන්න බෑ.

හරි දැන් අපි සිංහල type කරන්න පුළුවන් විදිහට හදාගෙන තියෙන්නේ. [Win] + [Space] shortcut එක පාවිච්චි කරලා බලන්න. දැන් අපිට English සහ සිංහල typing අතර මාරුවෙන්න පුළුවන්. එහෙම මාරු වෙද්දි මේ විදිහට Panel එකේ දැන් පාවිච්චි කරන input method එක ගැන දැක්වෙනවා.


මූලාශ්‍ර

 

 

Leave a comment